32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපළාත් පාලන සේවකයින් 8400කට ස්ථිර පත්වීම්

පළාත් පාලන සේවකයින් 8400කට ස්ථිර පත්වීම්

පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරතව සිටින පිරිස ලබන වසරේ ස්ථීර සේවයට ඇතුළත් කරගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ලබන වසරේදී කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සේවකයින් 8,400ක් ස්ථීර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇති බවයි.

සමහර අය කියනවා අරක නෑ. මේක නෑ කියලා. හැමදේම අයවැය පොතට ඇතුළත් කරන්න බෑ. රජය තීන්දු කරලා තියෙනවා අපි දන්නවා පළාත් පාලන ආයතනවල ප්‍රාදේශීය සභාවල, නගර සභාවල අපේ අහිංසක තරුණ තරුණියන් අනියම් හැටියට විවිධ රැකියාවල නිරතවෙලා ඉන්නවා කොන්ත්‍රාත් පදනම මත. ඒ අය අවුරුදු ගාණක් සේවය කර කර ඉන්නවා ස්ථීර නෑ. ඒ නිසා මම ඉතාම වගකීමෙන් කියනවා අපේ රජය විෂය භාර අග්‍රාමාත්‍ය තුමා, රාජ්‍ය අමාත්‍ය තුමා සියලුදෙනාම ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මේ වනවිට තීරණය කරලා තියෙනවා 8,400ක් වෙච්ච පළාත් පාලන ආයතනවල ඒ සේවකයින් ස්ථීර සේවයට 2024 වර්ෂය තුළ ඇතුළත් කරන්න.