― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාකිස්ථානයේ ප්‍රධාන පුහුණුකාර ධුරය මොහොමඩ් හෆීස්ට

පාකිස්ථානයේ ප්‍රධාන පුහුණුකාර ධුරය මොහොමඩ් හෆීස්ට

එළඹෙන දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිත පාකිස්ථාන – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය මොහොමඩ් හෆීස් හට හිමිව තිබෙනවා.

එමෙන්ම හෆීස්ගේ සේවය ලබන වසරේ ජනවාරි මාසයේ දී ඇරඹීමට නියමිත නවසීලන්තයට එරෙහි පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහාද වලංගු වනු ඇති.

ලබන මස 14 වැනි දා ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය පර්ත් නුවරදී ආරම්භ වනු ඇති. දෙවැනි ටෙස්ට් තරගය 26 වැනිදාත්, තෙවැනි තරගය ජනවාරි මස 04 වැනි දිනත් පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඔක්ලන්ඩ් නුවරදී ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි 12 වැනිදායි.

පාකිස්ථාන කණ්ඩායම මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවතට වීසි වූයේ තරගාවලියේ මුහුණදුන් තරග 09න් 04ක් පමණක් ජයගනිමින්.ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ ද පස්වැනි තැනයි හිමිවූයේ.

මෙලෙස පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයට සහ පසුබෑම හේතුවෙන් එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 යන ආකෘති තුනෙන්ම නායක බාබර් අසාම් සිය නායකත්වයෙන් ද ඉවත් වුණා. එමෙන්ම ආරංචි මාර්ග සඳහන් කළේ මාස 06ක කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් පාකිස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ මොඒන් මෝර්කල් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

එම හිඩැස පිරවීමට ද ඉදිරියේ දී පාකිස්ථානු කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක උමර් ගුල් ගේ පැමිණීමක් පිළිබඳ ව ද තොරතුරු වාර්තා වුණා.

මෙවන් පසුබිමකදීයි පාකිස්ථානයේ ඉදිරි ක්‍රිකට් තරගවල ජයග්‍රහණයන් වෙනුවෙන් මෙම සංශෝධනයන් සිදු කෙරෙමින් පවතින්නේ. ඒ අනුවයි ප්‍රධාන පුහුණුකාරීත්වය එරට හිටපු ක්‍රීඩක මොහොමඩ් හෆීස් හට වෙන් කර ඇත්තේ.

හෆීස් පත්වීමට පෙර පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය හිමි ව සිටියේ මිකී ආතර් හටයි. වසර දෙකකට පෙර අවසන් වරට පකිස්තානයට ක්‍රීඩා කළ 43 හැවිරිදි හෆීස් මේ දක්වා කිසිදු පුහුණුකරු අත්දැකීමක් නොලැබූ අයෙක් වීම ද සුවිශේෂී කරුණක්.

පාකිස්ථාන කණ්ඩායමට මේ වසර අවසානය වන තෙක් කිසිදු ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙකු සිටියේ නොමැති බවත්, හෆීස්ට එම ධුරය හිමිවීම මේ වනවිට එරට ක්‍රිකට් සමාජයේ වැඩි අවධානයක් දිනා ගත් පුවතක් වී ඇති බවත් වාර්තා වනවා.