― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාසල ඉදිරිපිට වන අලියෙක් යකා නටද්දී අමුකැවුණු විදුහල්පති ළමයින්ට කියා පාත්ති කොටලා

පාසල ඉදිරිපිට වන අලියෙක් යකා නටද්දී අමුකැවුණු විදුහල්පති ළමයින්ට කියා පාත්ති කොටලා

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආනපල්ලම ප්‍රදේශයට ඊයේ (16) රාත්‍රියේ කඩා වැදුණු වනඅලියෙකු මේ වනවිට ගම්මානයේ අතරමං වී තිබේ.

එම වන අලියා අද උදෑසන කාලයේ සිටම ආනපල්ලම පාසල අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටි අතර එම අලියා පළවා හැරීම සදහා වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන්, පොලිසිය සහ ප්‍රදේශවාසින් මෙහෙයුමක් සිදු කරමින් සිටියි.

මේ වනවිටත් වන අලියා ගම්මානයේ රැදී සිටින අතර ආනපල්ලම පාසලේ විදුහල්පතිවරයා පාසල් දරුවන් විද්‍යාලයේ පංති කාමරවලින් එලියට ගෙන ගෙවතු වගා ක්‍රියාකාරකම්වල නිරත වෙමින් අවදානමක් ගෙන ඇති බවට ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති.

වන අලියා පාසල් භූමියට මීටර් ගණනක් දුරින් රැඳී සිටින අවස්ථාවේදී එවැනි අවදානමක් නොගන්නා ලෙස ප්‍රදේශවාසින් විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එහිදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ “මොනා හරි උනොත් මං බලාගන්නම්” යනුවෙනි.