27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentපෞද්ගලික බස් රථයක් නිවසකට කඩා වදියි

පෞද්ගලික බස් රථයක් නිවසකට කඩා වදියි

දෙණියායේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද අළුයම වාද්දුව – පොතුපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් ව තිබෙනවා.

බස් රථය රිය අනතුරට ලක් වන අවස්ථාවේ දී එය අසල තිබූ විදුලි කණුවක් සහ දූරකථන කණුවක් කඩාගෙන අසල නිවාස දෙකක තාප්පයකට සහ ගේට්ටුවකට මුළුමනින් ම හානි සිදු කරගෙන ගොස් නැවතී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුවන විට පාපුවරුවේ ගමන්ගත් කොන්දොස්තරවරයා බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අලුයම 3.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මගීන් සුළු පිරිසක් පමණක් ඒ මොහොතේ බසයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

බසයට ද බරපතළ හානි සිදුව ඇති අතර පොලිසිය සැක පළ කරන්නේ අධික වේගය අනතුරට හේතු වන්නට ඇති බවයි.