― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරාජකාරි නිමවා ගෙදර ගිය සැරයන් නොඑන ගමන් යයි

රාජකාරි නිමවා ගෙදර ගිය සැරයන් නොඑන ගමන් යයි

මහියංගණය, ඇලවෙල ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහියංගණය පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් වන අතර ඔහු 36 හැවිරිදි තිදරු පියෙක්.

මෙම පොලිස් නිලධාරියා රාජකාරි නිමකර යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටිය දී මහියංගණය, ඇලවෙල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ගැටී යතුරුපැදිය පෙරළීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු පොලිස් නිලධාරියා සහ අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත් පොලිස් නිලධාරියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහියංගණය රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වනවිට තැන්පත්කර තිබෙනවා.