23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලියෝනිඩ් උල්කාපාත වර්ෂාව හෙට

ලියෝනිඩ් උල්කාපාත වර්ෂාව හෙට

ලියෝනිඩ් උල්කාපාත වර්ෂාව හෙට (18) සහ අනිද්දා (19) දිනයන්වලදී දැක ගැනීමට හැකියාවක් පවතිනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය පවසන්නේ මෙම උල්කාපාත වර්ෂාවේ උපරිමය ශ්‍රී ලංකාවට හොඳින් දැක ගත හැකි බවයි.

මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර දැකිය හැකි අතර මෙම දින දෙක තුළදී පාන්දර 2.00න් පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේදී මෙම උල්කාපාතය දැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.