27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක කුසලාන අවසන් තරගයේදී ගුවන් සංදර්ශනයක්

ලෝක කුසලාන අවසන් තරගයේදී ගුවන් සංදර්ශනයක්

ඉන්දීය ගුවන් හමුදාවේ ‘සූර්ය කිරන්’ කණ්ඩායම එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉහළ අහසේ මෙම ගුවන් සංදර්ශන පැවැත්වෙන බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගුවන් සංදර්ශනයේ පෙරහුරු අද (17) සහ හෙට යන දිනවල දී පැවැත්වෙන බවයි ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළේ. ඉන්දීය ගුවන් හමුදාවේ ‘සූර්ය කිරන්’ කණ්ඩායම ගුවන් යානා නවයකින් සමන්විත වන අතර එය රට පුරා ගුවන් සංදර්ශන රාශියක් පවත්වා තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී පසුගිය බදාදා නවසීලන්තය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.