27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන අලි ප්‍රහාරයකින් අයෙක් ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් අයෙක් ජීවිතක්ෂයට

වන අලියෙක් පහර දීම හේතුවෙන් කරුවලගස්වැව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (17) අලුයම 3.30ට පමණ මෙම වන අලි පහරදීම සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තබ්බෝව – තෙවණුරුව පදිංචිව සිටි වර්ණකුල සුර්ය නිකුලස් පෙරේරා නමැති 73 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

අලුයම් කාලයේදී මරණකරුගේ නිවස අසලට පැමිණ ඇති වනඅලියා පලවා හැරීමට උත්සාහ කරන විට ඔහුට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. වනඅලි පහරින් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.