27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාවේ දෙදරු මවක් අතුරුදන්

වවුනියාවේ දෙදරු මවක් අතුරුදන්

වවුනියාව, බණ්ඩාරිකුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් හදිසියේම අතුරුදන් වී තිබේ.

ඇයගේ ස්වාමි පුරුෂයා විසින් ඊයේ (16) වවුනියාව පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ තමාගේ බිරිඳ නිවසේ නොමැති බවටයි.

බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචි එස්.කේතීස්වරී නැමැති මෙම කාන්තාව 14 වැනිදා පස්වරුවේද නිවසේ සිටි බව අසල්වාසීන් පැවසූ බවයි ස්වාමි පුරුෂයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

ස්වාමි පුරුෂයා රැකියාවට ගොස් සවස් කාලයේදී ආපසු සිය නිවසට පැමිණෙන විට බිරිද නිවසේ නොසිට ඇති අතර දරුවන් දෙදෙනා පමණක් නිවසේ සිටි බවයි සැමියා පවසන්නේ.

කුඩා දරුවන් දෙදෙනාගෙන මව කොහේදැයි විමසූ විට ඔවුන්ද පවසා ඇත්තේ මව කොහේ ගියා දැයි ඔවුන් නොදන්නා බවයි.

අතුරුදන් වූ කාන්තාව පිළිබඳ මේ තාක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.