― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (16) රාත්‍රියේදී නිකුත් වුණා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ සිය නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි. ප්‍රතිඵල නිකුත් වීමත් සමග අදාළ දිස්ත්‍රික්කවලට කඩයිම් ලකුණු ද නිකුත් කෙරුණා.

ඒ අනුව වැඩි අවධානයක් ගන්නා කොළඹ, කළුතර හා ගම්පහ ද, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා ද, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ද මෙවර ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු වන්නේ 154යි.

සිංහල, දෙමළ යන මාධ්‍යයන් ද්විත්වයේ ම කඩයිම් ලකුණු නිකුත් කර ඇති අතර රත්නපුර සහ හම්බන්තොට ලකුණු 150 අවම ලකුණු සීමාව ලෙසට දැක්වෙනවා.

වව්නියාව 145ක් ලෙසයි සඳහන්. දෙමළ මාධ්‍යයෙන් ලියන ලද විභාග ප්‍රතිඵල අපේක්ෂකයින් කොළඹ, කළුතර හා ගම්පහ, ගාල්ල, මාතර,මහනුවර, කුරුණෑගල, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වෙත අයත් නම්; ඔවුන්ගේ කඩයිම් ලකුණු සීමාව ලකුණු 147ක්.

2023 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය මාසේ 14 වැනිදා පැවැත්වුණා. ඒ විභාග අපේක්ෂකයින් 337,596 දෙනෙකුට විභාග මධ්‍යස්ථාන 2888ක දී මෙවර ශිෂ්‍යත්වය පැවැත්වීමටයි පියවර ගැනුණේ.

මෙවර එම විභාග අපේක්ෂකයින් ප්‍රමාණයෙන් අපේක්ෂකයින් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා ගොස් තිබෙනවා. මේ අතර ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රතිඵල සකස් කිරීමේ දී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලැබෙන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.