29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරක වීසාවලින් රට පනින්න ගිය කතුන් දෙදෙනෙක් අල්ලයි

සංචාරක වීසාවලින් රට පනින්න ගිය කතුන් දෙදෙනෙක් අල්ලයි

සංචාරක වීසා මත ඕමානය බලා පිටත්ව යාමට පැමිණි කාන්තාවන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ කිසිදු නීතිමය අවසරයකින් තොර ව, සංචාරක වීසා යටතේ ඕමානය වෙත ගමන් කිරීමටයි පැමිණ ඇත්තේ.

ඒ අද පෙරවරු 09:25ට WY 372 දරන ගුවන් යානයෙන්. මෙම කාන්තාවන් දෙදෙනා ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් කුටිය අසළින් බෝඩින් පාස් පෙදෙස දෙසට ගමන් කරන ආරක්ෂිත වැටෙන් රිංගා යාමට උත්සාහ කර ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

එම උත්සාහය වළකාලමින් එම කාන්තාවන් දෙදෙනා ව සිය භාරයට ගැනීමටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ.

ඒ.එස්. සිරිසේන සහ එම්. හේසිතා යන කාන්තාවන් දෙදෙනෙකුයි මෙලෙස සිය භාරයට ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා මෙම කාන්තාවන් දෙදෙනා කොළඹ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කරවා තිබෙනවා.