29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහොරෙන් ගෙනා කෝටි ගණනක දුම්වැටි අත්අඩංගුවට

හොරෙන් ගෙනා කෝටි ගණනක දුම්වැටි අත්අඩංගුවට

තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිගරට් තොගය කන්ටේනර රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කැලණිතිස්ස විදුලි බලාගාරය අසළදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසන්නේ.

කන්ටේනර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව‍ එම රථය නවතා සිදුකළ පරික්ෂාවේදී මෙම දුම්වැටි තොගය හමු වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 65 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ මෙම කන්ටේනර් රථය අඩි 40ක් පමණ දිග බවත් එය ඔරුගොඩවත්ත බහාලුම් ඒකකය වෙත රැගෙන යන බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දනය ඒකකය පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.