― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඇමති ප්‍රසන්නට එරෙහි නඩුවකට දින දෙයි

ඇමති ප්‍රසන්නට එරෙහි නඩුවකට දින දෙයි

කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහි ව පනවා තිබෙන අත්හිටවූ සිර දඬුවම අහෝසි කොට තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම තීන්දුව ලබා දුන්නේ.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වැනිදා එය කැඳවන ලෙසයි.

මෙම අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමකට අදාළ ව ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු ඒ මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර 05කට අත්හිටුවීමට තීන්දු කළා.

ඊට අමතරව රුපියල් මිලියන 25 ක දඩයක් ද නියම කෙරුණු අතර රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් කොළඹ මහාධිකරණය විසින් ප්‍රසන්න රණතුංගට නියම කර තිබුණා.

එම දඬුවම්වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණතුංග විසින් මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත ගොනු කර තිබෙනවා.