25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකලා වැව පිටාර ගලයි

කලා වැව පිටාර ගලයි

කලාවැව ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඊයේ (19) සවස කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැඟින් විවෘත කිරීමට කලාවැව ජලාශය භාර කාර්යාලය කටයුතු කර තිබෙනවා.

එම කාර්යාලය සඳහන් කරන්නේ මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86,916ක්ව පවතින බවයි.

ඒ අනුව මේ වනවිට කලාවැව පිටාරගැලීම ද සිදුවෙමින් පවතින අතර මෙලෙස හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔයට මුදාහැරෙන ජලප්‍රමාණය තප්පරයට ඝන අඩි 6300ක් පමණ වන බවයි බෝවතැන්න හා කලාවැව භාර කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න සඳහන් කළේ.

ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද (19) රාත්‍රිය වනවිට තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවයි.

කලාවැව හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ මේ වනවිට කලාවැව – අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය ආසන්නයෙන් ජලයෙන් යටවී ඇති අතර එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද මේ වනවිට ඇනහිට තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය එම මාර්ගය භාවිත කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.