32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වූ අයෙක් බේරා ගැනේ

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වූ අයෙක් බේරා ගැනේ

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙක්ව බගවන්තලාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බේරාගැනීමට හැකිව තිබෙනවා.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය ඊයේ (19) පස්වරුවේ පිටාර ගැලීමත් සමඟ සැඩ පහරට හසුව එම පුද්ගලයා ගසාගෙන ගොස් තිබුණා.

මෙම පුද්ගලයා කෙසෙල්ගමුඔය හරහා ඉදිකර ඇති පාලමක් මතින් බගවන්තලාව, කිලානි වතුයායේ පිහිටි ඔහුගේ නිවසට යාමේ දී මෙලෙස සැඩ පහරට හසුව තිබෙනවා.

සැඩපහරට හසු වූ මෙම පුද්ගලයා ගසක අත්තක එල්ලී සිටියදී ඉන් මුදාගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.