23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු අධි අවදානම් කලාප 45ක්

ඩෙංගු අධි අවදානම් කලාප 45ක්

දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි කියා සිටියේ රට පුරා ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 34,645ක් ලෙසයි දැක්වෙන්නේ.

වෛද්‍යවරිය අවධාරණය කළේ එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5 ක් බවයි.

එමෙන්ම මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 45ක් නම් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කලාප 10ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ කලාප 08ක්, කළුතර දිස්ත්‍රික්කයේ කලාප 03ක්, මහනුවර දිස්ත්‍රික්කයේ කලාප 11ක්, මාතලේ දිස්ත්‍රික්කයේ කලාප 02ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ කලාප 02ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ කලාප 01ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කලාප 01ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ කලාප 04ක් හා කෑගල්ල දිස්ත්‍රික්කයේ කලාප 03ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.