32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතීන්ත රැගෙන ගිය යතුරුපැදිය උඩින් ගිය හැටි

තීන්ත රැගෙන ගිය යතුරුපැදිය උඩින් ගිය හැටි

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව – තල්පිටිය, ලෝලුගස්මංකඩ මංසන්ධියේ දී තීන්ත රැගෙන යමින් සිටි යතුරුපැදියක් මාර්ගයේ අයින් කර නැවතීමට සූදානම් වෙමින් තිබූ මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වුණා.

මෙම අනතුර ඊයේ (19) පස්වරුවේ සිදුව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තීන්ත රැගෙන ආ යතුරුපැදිය සුඛෝපබෝගී මෝටර් රථයක රියදුරු අසුන පිහිටා ඇති කොටසෙහි ගැටෙන අයුරු අසළ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන් ව තිබුණා.

මෝටර් රථයේ ගැටුණු යතුරුපැදියෙහි සිටි පසුපස මගියා, විසි වී ගොස්, මෝටර් රථයේ වහලේ ද ගැටී බිමට වැටෙන අයුරුයි දක්නට ලැබෙන්නේ.

යතුරුපැදියෙහි රියදුරු ද එම ස්ථානයේ ම ඇද වැටී තිබෙනවා. අනතුරින් ‍යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනාට තුවාල සිදු ව ඇති අතර ඔවුන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයින් දෙදෙනා වාද්දුව ප්‍රදේශයේ තීන්ත අලෙවි සැලකින් මිල දී ගත් තීන්ත බකට් කිහිපයක් යතුරුපැදියේ හැඬලය කොටසේ රඳවාගෙන අනාරක්ෂිත ලෙස ඉතා වේගයෙන් ගමන් කොට තිබෙනවා.

ඉන්පසුව එම තීන්ත බකට් යතුරුපැදියේ හැඩලයේ කොටසේ සිර වී යතුරුපැදිය එකවරම මාර්ගයේ දකුණු පැත්තට පාලනයකින් තොරව ඇදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් දෙදෙනා ම පානදුර මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි.