28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබදුල්ලේදී බස් රථයක් පෙරළෙයි

බදුල්ලේදී බස් රථයක් පෙරළෙයි

බදුල්ල, අළුගොල්ල, කන්දේගෙදර මාර්ගයේ ගමන් ගත් බස් රථයක් කොහොවිල ප්‍රදේශයේදී අද (20) මාර්ගය හරහා පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ බදුල්ල සිට සාර්නීයා වත්තට සේවක පිරිසක් රැගෙන යමින් සිටි මෙම බස් රථය කොහොවිල පංසල ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් දෙළොස් දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් කිසිවෙකුත් බරපතල තුවාල ලබා නොමැති බවද පොලිසිය පැවසීය.

මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.