26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනරේන්ද්‍ර මෝදිගෙන් ඉන්දීය කණ්ඩායමට පණිවුඩයක්

නරේන්ද්‍ර මෝදිගෙන් ඉන්දීය කණ්ඩායමට පණිවුඩයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල එක්ස් ගිණුමට එක්කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වූ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෝදි මෙම පණිවුඩය යොමුකර ඇති ආකාරය දැකගත හැකියි.

“ආදරණීය ඉන්දීය කණ්ඩායම, ලෝක කුසලානය හරහා ඔබගේ දක්ෂතා සහ අධිෂ්ඨානය කැපී පෙනුණා. ඔබ මහත් ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කර ජාතියට ඉමහත් අභිමානයක් ගෙන ආවා. අපි අද මෙන් සෑම විටම ඔබ සමඟ සිටිමු.”

මේ අතර ඊයේ දිනයේදී ලෝක ශුරතාව හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සුබපැතුම් එක්කරන්නට ද නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබුණා.

විශිෂ්ට ලෝක කුසලාන ජයග්‍රහණයක් සඳහා ඕස්ට්‍රේලියාවට සුබ පැතුම්! ට්‍රැවිස් හෙඩ් අද ඔහුගේ විශිෂ්ට ක්‍රීඩාවට ප්‍රශංසා කරනවා.”