30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහලේකම් දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්

මහලේකම් දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්

කොළඹ – මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඇති වී ඇති දුම්රිය ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රඹුක්කන සිට පානදුර දක්වා ධාවන වූ දුම්රියේ සිටි මගීන් පස්දෙනෙකු පමණ කොළඹ – මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පාළමේ ගැටීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

එම පුද්ගලයින් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දුම්රිය ප්‍රමාදය සහ දුම්රිය ධාවනයට එක්කර නොතිබීම හේතුවෙන් ධාරිතාව ඉක්ම වූ මගීන් පිරිසක් මෙම දුම්රියේ ගමන්කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.