26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට තුළ සීනි හිඟයකට ඉඩක් නෑ - රංජිත්

රට තුළ සීනි හිඟයකට ඉඩක් නෑ – රංජිත්

රට තුළ සීනි හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඊයේ (19) දැරණියගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙරට ගබඩා සතුව සීනි මෙට්‍රික් ටොන් 19,000ක් පමණ පවතින බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.

රජයක් ලෙස එවැනි අනිසි ලාභ ලැබීම වැළැක්වීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ හැකි අතර වත්මන් රජය සීනි බද්ද දෙවරක් සංශෝධනය කළ අවස්ථාවේදී සීනි මිල ඉහළ යාම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

පාරිභෝගික අධිකාරිය මෙරට සීනි තොග පිළිබඳව නිරන්තර පරීක්ෂාවන් සිදුකරන නමුත් සීනි ව්‍යාපාරිකයන් ලාභ ඉපැයීමට විවිධ උපක්‍රම භාවිත කරන බව ඔහු සඳහන් කළේය.