30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජාංගණයේ වාන් දොරටු 08ක් විවෘත කෙරේ

රාජාංගණයේ වාන් දොරටු 08ක් විවෘත කෙරේ

රාජාංගණය ජලාශයේ වාන් දොරටු 08ක් යළි විවෘත කර තිබෙනවා.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කලාවැව වාන් දොරටු දෙකක් අඩි 07ක් දක්වා විවෘත කිරීමත් සමඟ ඊයේ (19) රාත්‍රීයේ මෙලෙස රාජාංගණය ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම වාන් දොර‍ටු අටෙන් අඩි 02 බැඟින් වාන් දොර‍ටු 02ක් ද, අඩි 03 බැඟින් වාන් දොර‍ටු 02ක් ද, අඩි 04 බැඟින් වාන් දොර‍ටු 04ක් ද මෙලෙස විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙමඟින් තත්ත්පරයට ඝන අඩි 7,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහරින බවයි ජලාශය භාර වාරිඉංජිනේරුවරයා පැවසුවේ.

මේ හේතුවෙන් රාජාංගණය ජලාශයේ පහළ කලාඔය දෙපස පහත් බිම්වල සිටින ජනතාව දැඩි සැලකිලිමත්ව පසුවන ලෙසට දැනුම් දෙනවා.