― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsහිමිනමකගේ ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් ජීවිතක්ෂයට

හිමිනමකගේ ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් ජීවිතක්ෂයට

පසුගිය 16 වැනිදා දෙනියාය පල්ලේගම ප්‍රදේශයේදී හිමිනමකගේ ආයුධ ප්‍රහාරයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (19) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හිමිනමගේ ප්‍රහාරයෙන් තුවාලකරු දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි දෙනියාය පොලිසිය සඳහන් කළේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙනියාය පොලිස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක්. තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක් විසින් පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාස⁣ය අසළදී පසුගියදා (16) පස්වරුවේ පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ නිලධාරියා කඩිනමින් දෙනියාය මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුවයි වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර ඇත්තේ.

මෙලෙස පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර ඔහු සැකකාර හිමි නමගේ වයස අවුරුදු 26ක් වන සහෝදරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි සඳහන්.

ඔහු අදාළ තරුණියගේ නිවසට ගොස් සිටියදී සැකකාර හිමිනම නිලධාරියාට දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළදී හමුවී තිබෙනවා.

එම අවස්ථාවේ සිදුවූ බහින් බස්වීමකින් පසුව සැකකාර හිමිනම බෑගයේ සඟවා ගෙන සිටි තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහර දී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

පහරදීම සිදු කළ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.