― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot News2022දී මෙරට ළමා මව්වරුන් 2,287ක් - ගීතා

2022දී මෙරට ළමා මව්වරුන් 2,287ක් – ගීතා

2022 වර්ෂයේ සිදු කළ සමීක්ෂණයට අනුව මෙරට ළමා මව්වරුන් 2,287ක් සිටින බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ ලිංගික ප්‍රජනනය සම්බන්ධයෙන් මෙරට දරුවන්ට ලබා දී ඇති දැනුම ප්‍රමාණවත් නැති බවත් වයසට අනුව එම දැනුම දරුවන්ට ලබා දිය යුතු බවත්ය.

ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම වයසට අනුව ලබා නොදීම නිසා දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය අවම වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළේ වයසට අනුව පියවරෙන් පියවර තම ශරීරයේ අයිතිය පිළිබඳව දරුවන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතු බවයි.

වයස අවුරුදු 16ට අඩු දරුවෙකු සමග ලිංගිකව හැසිරීම වැරැද්දක්. දරුවන්ගේ ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක්. දරුවෙක් ගැබ් ගැනීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව රජය අවශ්‍ය මැදිහත් වීම සිදු කරනවා. ආර්ථික අපහසුතා ඇති එවැනි ග්‍රාමීය මට්ටමේ දරුවන්ට නීති අධාර නොමිලයේ ලබා දීමට අවස්ථාව ලබා දීලා තියෙනවා.”