27.2 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsCIDය ඉදිරිපිට පොල් ගැසූ 'මගෙන් රටට' සභාපති අත්අඩංගුවට

CIDය ඉදිරිපිට පොල් ගැසූ ‘මගෙන් රටට’ සභාපති අත්අඩංගුවට

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොල් ගැසූ ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජීව මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් මෙම සැකකරු විසින් අද පෙරවරුවේදී පොල් ගසා සිය විරෝධය පළ කර ඇති බවයි.

මේ හේතුවෙන් අද පෙරවරුවේ සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු බව ද වාර්තා වනවා.

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ පොල් ගෙඩියක් ගැසීමත් සමග ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි සඳහන් වන්නේ.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර සැකකරුව කොටුව පොලිසිය විසින් රැගෙන ගොස් තිබෙනවා.