26.6 C
Colombo
Sunday, December 3, 2023

කූඨ වීසා බලපත්‍රයක් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රයක් භාවිතා කර තුර්කිය ඔස්සේ එක්සත් රාජධානිය වෙත පලා යාමට තැත් කළ පකිස්තානු ජාතිකයෙකු අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මොහු 57 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙක් බවයි.

අද පස්වරු 05.00 ට බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 145 දරන ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම පුද්ගලයා පැමිණ තිබුණා.

ඔහු සිය නිශ්කාශන කටයුතු සඳහා ගල්ෆ් ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දුන් ලියකියවිලි අතර තිබූ එක්සත් රාජධානිය විසින් නිකුත් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය පිළිබඳ ව ඇති වූ සැකය මත, මේ පිළිබඳ ව විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සිදු කළ මූලික විමර්ශනවලදී මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම පාකිස්තානු ජාතිකයා ඉකුත් 2020 වසර තෙක් එක්සත් රාජධානියේ වාසය කර ඇති අතර ඉන්පසු ඔහු පකිස්තානයට පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

එහිදී ඔහු සතු එක්සත් රාජධානිය මගින් නිකුත් කර තිබූ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය අස්ථානගත වී තිබෙනවා. ඉන්පසුව මොහු තම මිතුරෙකු මගින් මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කරවා ගෙන ඇති බවයි සිදු කළ පරීක්ෂණ මගින් හෙළි ව ඇත්තේ.

මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය ද රැගෙන ඉකුත් අගෝස්තු මස 10 වන දින සංචාරක වීසා බලපත්‍රයක් මත ශ්‍රී ලංකාවට පැමිණි මෙම පකිස්තානු ජාතිකයා අද පස්වරුවේ කටුනායක සිට මුලින් ම බහරේන් වෙත ගොස් එතැන් සිට යළිත් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස් එතැනින් එක්සත් රාජධානිය වෙත පලා යාමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙම පකිස්තානු ජාතිකයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනු ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here