30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාය‍යෑමක් නිසා බදුල්ලේ මාර්ග කිහිපයක් අවහිර වෙයි

නාය‍යෑමක් නිසා බදුල්ලේ මාර්ග කිහිපයක් අවහිර වෙයි

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ නායයාම් නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග තුනක් තවදුරටත් අවහිර වී තිබෙනවා.

ඒ අනුව පේරාදෙණිය – චෙන්කල් අඩි A 5 මාර්ගයේ වැලිමඩ පුහුල්පොල ආසන්නයේ නාය යාමකට ලක් වූ ස්ථානයේ මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට තවත් දින දෙකක් හෝ තුනක් ගත විය හැකි බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.

පස්සර – බිබිල මාර්ගයේ ලුනුගල අරවකුඹුර ප්‍රදේශයේ නාය ගිය ස්ථානයේ සිදුව ඇති මාර්ග අවහිරතා අද (21) පස්වරුවේ හෝ හෙට දිනය වන විට ඉවත් කිරීමට හැකිවනු ඇති බවත් ඊයේ පස්වරුවේ මාර්ගය ගිලා බැස නාය යාමක් ඇති වූ පස්සර ඇත්පට්ටිය මාර්ගයේ ගමනාගමන කටයුතුද අද දිනයේත් අඩාල වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.