― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsලෝක කුසලානය අහිමි වීමේ දුකෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

ලෝක කුසලානය අහිමි වීමේ දුකෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දියාවේ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තරුණයා ශෝකය දරාගත නොහැකිව හෘදයාබාධයක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීව්තක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 27ක ඉන්දියාවේ තිරුපති දුර්ගා සමුද්‍රම් ගම්මානයේ පදිංචිකරුවෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු පසුගිය ඉරිදා නිවසේ සිට රූපවාහිනියෙන් ලෝක කුසලාන අවසන් තරගාවලිය නරඹමින් සිටියදී ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දියාව ලද පරාජය දැක වාඩි වී සිටි පුටුවෙන් ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.