31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව ගැන තීරණයක් ගන්න ICC ය අද රැස්වෙයි

ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගන්න ICC ය අද රැස්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අද (21) ඉන්දියාවේ අහමදාබාද් හිදී රැස්වීමට නියමිතය.

මෙහිදී ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව තීරණයක් අද දිනයේ දී ගැනීමට නියමිත බව සඳහන්.

පනවා ඇති මෙම තහනම ඉවත් කරන්නේ නම් ඒ සඳහා පනවනු ලබන කොන්දේසි පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර එළෙඹෙන වසරේ දී පැවැත්වීමට නියමිතව ඇති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිතයි.

අද පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.