සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම ශත 25 බද්දට යටත්ව ආනයනය කරන ලද සීනි තොග පවරා ගනිමින් සීනි කිලෝවක් රුපියල් 275කට අලෙවි කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ ඒ අනුව සත 25 බද්දට යටත්ව ආනයනය කරන ලද සීනි තොග අද (21) සිට රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි.
එලෙස පවරා ගන්නා සීනි තොග සුපිරි වෙළෙඳ සැල්, ලංකා සතොස සහ සමූපකාර අලෙවි සැල් හරහා පාරිභෝගිකයාට අලෙවි කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව මින් ඉදිරියට රුපියල් 50 බද්දට යටත්ව ආනයනය කෙරෙන ලබන සීනි සඳහා පාලන මිලක් අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.