ඊශ්රායලය සමග සටන් විරාම එකඟතාවකට එළඹීමට ආසන්න බවත් තම භාරයේ සිටින ඊශ්රායල ප්රාණ ඇපකරුවන් ඔවුන්ට භාරදීම සදහා එකඟතාවයකට පැමිණීමට සූදානම් බවත් හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ පවසයි.
හමාස් නායකයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් තම ප්රතිචාරය සාකච්ඡාවල මැදිහත්කරු වන කටාරය වෙත යවා ඇති බවයි.
එම නිවේදනයේ පිටපතක් තමන්ටද ලැබුණු බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.