― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකිලිනොච්චියේ අනතුරුදායක ගස් ඉවත් කෙරේ

කිලිනොච්චියේ අනතුරුදායක ගස් ඉවත් කෙරේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ A9 මාර්ගයේ අනතුරුදායක ගස් 46ක් සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ කටයුතු අද අවසන් කෙරුණා.

එම මාර්ගයේ අනතුරුදායක ගස් 57ක් හඳුනාගෙන ඇති අතර ඉන් ගස් 46ක් සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ. අනික් ගස් 11ක අනතුරුදායක අතු ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

රජයේ දැව සංස්ථාව විසින් සිදුකරන ලද මෙම මෙහෙයුම සඳහා රථවාහන පොලිසිය, විදුලිබල මණ්ඩල සේවකයින්, මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයද සහයෝගය ලබා දී ඇත.

මේ අතර කිලිනොච්චිය මහා විද්‍යාලය ඉදිරිපිට සහ මාර්ගයේ දක්නට ලැබෙන අනතුරුදායක ගස් සහ අතු ඉවත් කිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කරන බවයි රජයේ දැව සංස්ථාවේ නිලධාරීන් පවසා ඇත්තේ.