― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකූඨ වීසා බලපත්‍රයක් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

කූඨ වීසා බලපත්‍රයක් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රයක් භාවිතා කර තුර්කිය ඔස්සේ එක්සත් රාජධානිය වෙත පලා යාමට තැත් කළ පකිස්තානු ජාතිකයෙකු අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මොහු 57 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙක් බවයි.

අද පස්වරු 05.00 ට බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 145 දරන ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම පුද්ගලයා පැමිණ තිබුණා.

ඔහු සිය නිශ්කාශන කටයුතු සඳහා ගල්ෆ් ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දුන් ලියකියවිලි අතර තිබූ එක්සත් රාජධානිය විසින් නිකුත් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය පිළිබඳ ව ඇති වූ සැකය මත, මේ පිළිබඳ ව විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සිදු කළ මූලික විමර්ශනවලදී මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම පාකිස්තානු ජාතිකයා ඉකුත් 2020 වසර තෙක් එක්සත් රාජධානියේ වාසය කර ඇති අතර ඉන්පසු ඔහු පකිස්තානයට පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

එහිදී ඔහු සතු එක්සත් රාජධානිය මගින් නිකුත් කර තිබූ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය අස්ථානගත වී තිබෙනවා. ඉන්පසුව මොහු තම මිතුරෙකු මගින් මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කරවා ගෙන ඇති බවයි සිදු කළ පරීක්ෂණ මගින් හෙළි ව ඇත්තේ.

මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය ද රැගෙන ඉකුත් අගෝස්තු මස 10 වන දින සංචාරක වීසා බලපත්‍රයක් මත ශ්‍රී ලංකාවට පැමිණි මෙම පකිස්තානු ජාතිකයා අද පස්වරුවේ කටුනායක සිට මුලින් ම බහරේන් වෙත ගොස් එතැන් සිට යළිත් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස් එතැනින් එක්සත් රාජධානිය වෙත පලා යාමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙම පකිස්තානු ජාතිකයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.