31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජ'පුර කළමනාකරණ පීඨය හදිසියේම වැසෙයි

ජ’පුර කළමනාකරණ පීඨය හදිසියේම වැසෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එහි උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ සඳහන් කළේ
තම නිල කාමරය අසළට ගොස් සිසුන් පිරිසක් එල්ල කළ බලපෑම් හමුවේ මෙම තීරණය ගත් බවයි.

විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමිනුයි මෙම සිසුන් උපකුලපතිවරයාට බලපෑම් එල්ල කර ඇත්තේ.

මෙලෙස පංති තහනම් කර ඇත්තේ විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බවයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ.