23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදක්ෂිණ අධිවේගී සේවකයෝ හෙට වර්ජනයක

දක්ෂිණ අධිවේගී සේවකයෝ හෙට වර්ජනයක

හෙට (22) පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා දක්ෂිණ අධිවේගයේ මුදල් අයකිරීම නවතා වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ පවසනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය වසර තිහක් පුරා සේවකයන්ට ලබා දුන් ඉතිරි වූ අසනීප නිවාඩු දීමනාව අත්හිටුවීම සහ තවත් ඉල්ලීම් ලබා දෙන ලෙස බල කරමිනුයි ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ.

2022 වසරේ අසනීප නිවාඩු 21ක් තිබෙන අතර එම නිවාඩුවල ඉතිරි කරගත් දින සඳහා ගෙවීම් 2023 වසරේදී සිදුකළ යුතු බවත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ දීමනාව වසර 30ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබුව ද මේ වසරේ සිට එම ගෙවීම් නතර කිරීමට එරෙහිව මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරයා පැවසුවේ.

සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම ගැටලුව අධිවේගී මාර්ග සේවකයන්ට මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ට ද බලපාන බවත් එදින මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා ඇති සියලුම ශාඛා සහ ප්‍රධාන කාර්යාලවල සේවකයන්ද අනිවාර්ය ලෙඩ නිවාඩු දමා වර්ජනයට සහය පළ කරන බවත්ය.