30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentපා පුවරුවෙන් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

පා පුවරුවෙන් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ කොළඹට සිට හලාවත දෙසට ධාවනය වූ බස් රථයක පාපුවරුවේ ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් ඉන් වැටී අනතුරට ලක්ව තිබෙනවා.

එම මාර්ගයේ සීදූව – දඬුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසළ දී ඊයේ (20) මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව සීදූව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරින් තුවාල ලැබූ ස්වාමීපුරුෂයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ කාන්තාව 56 හැවිරිදි සීදූව – අම්බලන්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.