25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිසබයේ වෙන දේවල් සමාජ මාධ්‍යයේ දාන්න බැහැ

මැතිසබයේ වෙන දේවල් සමාජ මාධ්‍යයේ දාන්න බැහැ

පාර්ලිමේන්තුව තුළ සිදුවන දෑ ජංගම දුරකථන හෝ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කිසිඳු අවසරයක් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව මින් ඉදිරියට කිසිවෙකු හෝ එවැනි ආකාරයෙන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා බවයි කථානායකවරයා කියා සිටියේ.

මේ අතර විපක්ෂනායකවරයා ප්‍රශ්නයක් අසන අවස්ථාවේ දී ඊට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව වින්‍යානුකූල පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.