― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසීනි පාලන මිල ඉවතට 

සීනි පාලන මිල ඉවතට 

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ශත 25 බද්දට යටත්ව ආනයනය කරන ලද සීනි තොග පවරා ගනිමින් සීනි කිලෝවක් රුපියල් 275කට අලෙවි කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ ඒ අනුව සත 25 බද්දට යටත්ව ආනයනය කරන ලද සීනි තොග අද (21) සිට රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි.

එලෙස පවරා ගන්නා සීනි තොග සුපිරි වෙළෙඳ සැල්, ලංකා සතොස සහ සමූපකාර අලෙවි සැල් හරහා පාරිභෝගිකයාට අලෙවි කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව මින් ඉදිරියට රුපියල් 50 බද්දට යටත්ව ආනයනය කෙරෙන ලබන සීනි සඳහා පාලන මිලක් අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.