― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsහිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල් යයි

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල් යයි

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගත්තේ යැයි චෝදනා ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය දෙසැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (21) තීන්දු කළා.

මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි අද දින සටහන් කරගැනීමට නියමිතව තිබුණා.

එහෙත් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ වන විට අසනීප තත්ත්වයකින් පසු වන හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට තීන්දු කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ එම විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් අටදෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම්, දඩ මුදල් නියම කර තිබුණා.