26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

19 න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

ලබන වසරේ (2024) මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලානය පැවැත්වීමේ ස්ථානය වෙනස් කර තිබෙනවා.

මෙම වෙනස් කිරීමෙන් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ඉවත් කර එම තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනුයි මෙම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන තිබෙන්නේ.