28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිවේගයේ සේවකයන් අද වර්ජනයක

අධිවේගයේ සේවකයන් අද වර්ජනයක

අධිවේගී මාර්ගවල රාජකාරියේ නිරත සේවකයන් අද (22) දිනයේදී සිය රාජකාරිවලින් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ලෙඩ නිවාඩු වාර්තා කර ඇති මෙම සේවකයන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කර ගැනීමේ සේවාවලින් ඉවත් වී ඇති බවයි අධිවේගී මාර්ග සේවක සංගමය සඳහන් කළේ.

යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා අදාළ සේවා පවත්වාගෙන යාමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන නිලධාරීන් 11000ක් පමණ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන බවයි අධිවේගී මාර්ග සේවක සංගමය ප්‍රකාශ කළේ.

රැකියා සුරක්ෂිතතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.