― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅන්තර්ජාල පරිහරණය‍ට නියාමනයක් අවශ්‍යයි - සුසිල්

අන්තර්ජාල පරිහරණය‍ට නියාමනයක් අවශ්‍යයි – සුසිල්

ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය‍ නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන අතර ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ළමා අපයෝජන වැළැක්වීමේ දින සමරුව නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමින්.

දිනෙන් දින වැඩි වෙමින් පවතින සමාජ, ආර්ථික ප්‍රශ්න හමුවේ වත්මන් සමාජය සිටින්නේ නොනවතින තරගයක බවත් තරගයක ස්වභාවය ජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් වෙහෙසීම වන නිසා අපට හමුවන්නේ මානසික පීඩනය සහ ආතතියට ලක්වූ පරපුරක් බවත් මේ නිසා ඉදිරි පුහුණු වැඩසටහන්වල දී මනෝ වෛද්‍ය ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

මෙරට ප්‍රාදේශීය මට්ටමින් මතුවන සමාජ ගැටළු හඳුනාගන්නටත් ඒවාට විසඳුම් ලබාදීම වෙනුවෙන් පියවර ගන්නටත් බිම් මට්ටමේ නිලධාරීන් රැසක් සිටින බවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331කත්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු 25කත් මාසික ව සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වෙන බවත් ඒ හරහා මෙම ගැටළු වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදුකළ හැකි බව ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ දරුවන්ට සිදුවන අසාධාරණ, අපයෝජන, සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් ඇතුළු ගැටළුවලට පවුල් සංස්ථාව තුළ පවත්නා ප්‍රශ්න අතර දරුවන් හුදකලාවීම, මව්පිය ආරවුල්, දරුවන්ට අවධානයක් නොමැතිකම සහ නූගත්කම වැනි හේතු බලපා ඇති බවයි. මේ සම්බන්ධ වැඩිදුරටත් සමීක්ෂණ සිදුකරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම ලිංගික අධ්‍යාපනය පාසල්වලට හඳුන්වාදීම නුසුදුසු බවට ඇතැම් පිරිස් තර්ක කරන බවත් එය පාසල් විෂයමාලාවට වඩාත් යෝග්‍ය වන අන්දමින් ඇතුළත් කිරීම සිදුකළ යුත්තක් බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ ඒ වෙනුවෙන් අවධානය යොමුව ඇති බවයි ප්‍රකාශ කළේ.