― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ ගිවිසුමකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දින හතරක සටන් විරාමයකින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන බවට ඊශ්‍රායල අගමැති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි.

ඒ අනුව සෑම අමතර ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකුම නිදහස් කිරීම, සටනේ විරාමය එක් දිනකින් දීර්ඝ කරනු ඇති. බදාදා අලුයම දක්වා පැවති දීර්ඝ රැස්වීමකින් පසුවයි මෙම ගනුදෙනුව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ.

රැස්වීමට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කර ගත්තද යුද ප්‍රයත්නය දිගටම පවතිනු ඇති බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ, හමාස් සටන්කාමීන් 1200ක් මරා දමා තවත් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඔක්තෝම්බර් 7 වැනිදා දේශසීමා තරණය කිරීමෙන් පසුවයි.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාර හමුවේ ළමුන් 5,000 කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

ඊශ්‍රායලයේ සිරකර සිටින පලස්තීනුවන් 150ක් වෙනුවට ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 50ක් නිදහස් කිරීමට සහ වටලනු ලැබූ ප්‍රදේශයට මානුෂීය ආධාර ඇතුළු කිරීමට ඉඩ දීම සඳහා ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය මෙම සටන් විරාමයකට එකඟ වූ බව සඳහන්.

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 200කට වඩා රඳවාගෙන සිටින බවටයි සැක කෙරෙන්නේ.