29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

ඔහිය සහ ඉඳල්ගස්හින්න අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ නැවැත්වීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ උඩරට මැණකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නැවැත්වීමට සැලසුම් කර ඇති අතර උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කිරීම සඳහා පැය 03ක පමණ කාලයක් ගතවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.