30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් නඩුව හෙටට කල් යයි

ක්‍රිකට් නඩුව හෙටට කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තබා තිබෙනවා.

අද මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි යළි සලකා බැලුණේ.

එහිදී පෙත්සම ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවාද කරුණු දක්වා සිටියා.

අනතුරුවයි වැඩිදුර කරුණු සලකා බැලීම හෙට තෙක් කල් තබනු ලැබුවේ.

මෙම පෙත්සම් විභාගය පැවති අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග අධිකරණය හමුවේ පෙනී සිටියා.