29.5 C
Colombo
Tuesday, February 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 27ක හෙරොයින් තොගයක් කටුනායකදී අල්ලයි

කෝටි 27ක හෙරොයින් තොගයක් කටුනායකදී අල්ලයි

රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවා (Towel) ලෙසට ප්‍රකාශ කරමින් පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් ඊයේ රාත්‍රී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

පාර්සල් 08ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය පසුගිය 10 වනදා ඕමාන් ගුවන් සේවයේ WY- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබූ බව සඳහන්.

මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙතයි එවා ඇත්තේ.

ඊයේ රාත්‍රී මෙම භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යාමට කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබෙනවා.

එහිදී මෙම භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දීයි කිලෝ 10යි ග්‍රෑම් 500ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී ඇත්තේ.

මෙම භාණ්ඩ තොගය ගෙන යාමට පැමිණි පුද්ගලයා සහ මෙම භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීමට තැත් කළ වාප්පු ලිපිකරුවන් දෙදෙනෙකුද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව මෙම හෙරොයින් තොගය සහ අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.