29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබදුල්ල - කොළඹ මාර්ගයේ ගමනාගමනය ඇණහිටී

බදුල්ල – කොළඹ මාර්ගයේ ගමනාගමනය ඇණහිටී

නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

එම මාර්ගයේ 153 වන කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී අද අලුයම විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පැවති අධික වර්ෂාපතනයත් සමඟ මෙම නාය යාම සිදුව ඇති අතර විශාල ගල් සමග පස් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ මංතීරු දෙකම සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

පවතින වැසි තත්ත්වය සමග තවත් පස් සහ ගල් කඩා වැටීමේ අවදානම හේතුවෙන් කඩා වැටුණු පස් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව සඳහන්.

පොලිසිය රියදුරන්ට සහ මහ ජනතාවට දැනුම් දෙන්නේ මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි. මේ අතර පස්සර නමුනුකුළ හරහා ඇල්ලට යන මාර්ගයේ කනවරැල්ල 16 කණුව හා 20 කණුව අතර ප්‍රදේශයේ ස්ථාන කීපයකට ඊයේ (21) පස්වරුවේ පැවැති අධික වර්ෂාව සමග පස් ගල්හා ගස් කඩා වැටීමෙන් අවහිරවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනය මුළු මනින්ම ඇණහිට ඇති බවයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පස්සර පොලිසිය දැනුම් දෙන්නේ.