― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබන්ධනාගාරයේදී සැකකරුවෙක් මියයාම ගැන විමර්ශන

බන්ධනාගාරයේදී සැකකරුවෙක් මියයාම ගැන විමර්ශන

බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

මෙම සැකකරු තවත් අයෙකුද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණේ යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී නිවැසියන් බිය ගන්වා රුපියල් 90000ක් සහ පවුම් 16 හමාරක රන් භාණ්ඩ කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙනුයි.

සැකකරුවන් දෙදෙනා පසුගිය 11 වනදා නාගකන්නි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර මල්ලාගම් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබුණා.

මෙලෙස බන්ධනාගාර ගත කර සිටි කාවනාවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරුවෙක් බන්ධනාගාරය භාරයේ සිටියදී හදිසි අසනීප තත්ත්වයකින් පෙළීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පසුගිය 16 වනදා යළිත් එම සැකකරු බන්ධනාගාරයට රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ.

පසුව 19 වනදා මෙ සැකකරු නැවතත් හදිසියේ අසනීප වීම හේතුවෙන් යාපනය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

සැකකරු මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමක නිලධාරියෙක් විසින් පසුගිය 19 වනදා යාපනය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබුණා.

මියගිය සැකකරුගේ මෘත දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 20 වනදා යාපනය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසිනුයි සිදු කර ඇත්තේ.

ශරීරයේ සිදු වූ තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අවහිර වී මෙම මරණය සිදුව ඇති බවටත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඇති බවටත් සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වාර්තාව ලබා දී තිබෙනවා.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව පදනම් කරගෙන මෙම සැකකරුගේ හදිසි මරණය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම විමර්ශනයේදී පොලිස් නිලධාරීන් විසින් අපරාධමය වරදක් සිදු කර ඇති බවට අනාවරණ වුවහොත් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ද එමෙන්ම යම් විනය කඩ කිරීමක් වාර්තා වුවහොත් ඔවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට ද සූදානම් බවයි පොලිසිය නිවේදනය කළේ.