29 C
Colombo
Saturday, May 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසැප්තැම්බරයේ අස්වැසුම මුදල් හෙට සිට

සැප්තැම්බරයේ අස්වැසුම මුදල් හෙට සිට

සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8571ක අස්වැසුම ගෙවීම් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවුල් දහතුන් ලක්ෂ 77,000 කට එම අස්වැසුම ගෙවීම් ලබාදී ඇති අතර එම මුදල් හෙට සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.

අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවීමට සැලසුම් කර ඇති බවත් ඔහු කියා සිටියේය.