32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසෞදියේ දුක් විඳි ලාංකික කතක් දිවයිනට

සෞදියේ දුක් විඳි ලාංකික කතක් දිවයිනට

සෞදි අරාබියේ රැකියාවක් සඳහා ගොස් විවිධ වද හිංසනවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (22) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඇය සෞදි අරාබියේ සිට කුවේට් වෙත එවා එතැන් සිට අල් ජසීරා ගුවන් සේවයේ J- 9553 දරන ගුවන් යානයෙනුයි අද අලුයම 04.25ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

ඇය මතුගම, නෑබඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි රාමචන්ද්‍රන් දර්ශනී නැමැති තිදරු මවක්.

ගුවන්තොටුපොළේදී හැඬූ කන්ඳිළින් අදහස් දැක්වූ එම කාන්තාව මෙසේද පැවසුවාය.

මම සැප්තැම්බර් 17 වැනිදා සෞදි අරාබියේ මදීනා වල නිවෙසක ගෘහ සේවය සදහා ගියා. ඒ ගෙදර වැඩ කළ සේවිකාව පැනල ගිහිල්ලා. එයාගෙ රෙදි බෑග් සේරම ඒ ගෙදර තිබුණා. ඒ ගෙදර අයිති කාන්තාව මට හැමදාම ගැහුවා, බැන්නා, පිච්චුවා. ඒත් මම ඒ ගෙදර වැඩ කළා. ඒ ගෙදර පිරිමි ළමයා නාන්න ගිහින් ෂැම්පු හලලා. මම බාත් රූම් එක හෝදන්න ගියාම ඒවා පෑගිල මාව ලිස්සල වැටුනා. ඒ වෙලේ මගේ කොන්දයි ඔලුවයි බිම වැදුනා. මට අමාරුයි වැඩ කරන්න බෑ කිව්වා. බාබා යනකල් ඉඳල , ඒ ගෙදර කාන්තාව මට ගහල කාමරේකට දාල වැහුවා. ඊට පස්සෙ තමයි මාව වොෂින් මැෂින් රූම් එකට අරන් ගිහින් ඇණ ගිල්ලුවෙ. මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල, බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් රත්තරන් බඩු ඔක්කොම දාල පොලිසියට අල්ලල දෙනවා කියල ඒ ගෙදර ගෑණි කිව්වා. මම බිව්වා. එතකොට එක ඇණයක් මගේ උගුරෙ හිර වුණා. මට හුස්ම ගන්න බැරි වුණා. මම මේ ගැන ලංකාවෙ ඒජන්සියට කතා කරල කිව්වම, ඒකෙ හිටිය කාන්තාව මට කුණුහරුපෙන් බැනල ඒ ගෙදරට ගිහින් වැඩ කරපිය කියල කිව්වා.